AFC Banner
Empty Ad
Empty Ad

රන් ආලේපිත බෝල සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

පෙරේදා (20) අග්බෝපුර මාර්ග බාධකයේදී යතුරුපැදියක් සමඟ රන් ආලේපිත බෝල 404ක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අග්බෝපුර පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ඊච්චලන්පත්තු, පුනගර් පදිංචිකරුවන්.

සැකකරුවන් දෙදෙනා රන් ආලේපිත වීදුරු වැනි මෙම බෝල හබරණ රහසිගත ස්ථානයකදී තවත් පුද්ගලයෙකුගෙන් ලක්ෂ හතරකට මිලදී ගත් බව එම සැකකරුවන් දෙදෙනා පවසා තිබේ

සැකකරුවන් හබරණ සිට යතුරුපැදියකින් කන්තලේ දෙසට ගමන් කරද්දී ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පවසන්නේ මෙම රන් ආලේපිත බෝල කෝවිලකට ලබාදීමට රැගෙන ගිය බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?