රන් ආලේපිත බෝල තොගයක් සමඟ හතරක් අත්අඩංගුවට (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී රන් පැහැති කුඩා ප්‍රමාණයේ බෝල 949ක් සොයාගෙන තිබෙනවා.

ඒ, සමඟ සැකකරුවන් සිව්දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (15) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ විශේෂ රථ වාහන පරික්ෂා කිරීමක නියැලී තිබෙනවා.

එහිදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි ඩිකිය තුළ සඟවා තිබිය දී රන් ආලේපිත කුඩා බෝල 949ක් සොයාගෙන තිබෙනවා.

මේ සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා තණමල්විල, ඇතිලිවැව සහ පයාගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35, 34, 31 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන්ගේ සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ මොවුන් වැලිගම ප්‍රදේශයේ තම මිතුරකුගේ නිවසට පැමිණි බවත්, එම රන් ආලේපිත කුඩා බෝල නිවසේ තිබෙන පිත්තල පහන් කිහිපයක් අලුත්වැඩියා කිරීම සඳහා මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ වෙළඳසැලකින් මීට සති කිහිපයකට පෙර මිල දී ගත් බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැලිගම පොලිසිය මඟින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10