රන්ජන් රාමනායකට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව

ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩුවක් ඇතිවූ පළමු අවස්ථාවේම රන්ජන් රාමනායක මහතා හට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන කරනවා.

සමගී ජන බලවේගයේ පාක්ෂිකයන්ට පොරොන්දුවක් ලබා දෙමින් විපක්ෂනායකවරයා මේ බව සිය ට්විටර් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් පාර්ලිමේන්තුවට පත් කර ඇත.

94a0beed f499 4713 9d8b e45ecfd62a61