රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායක ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා. ඒ, මෙම පෙත්සම  අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ  මායාදුන්නේ කොරයා  යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

පසුගිය මාර්තු මස 31 වනදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය දැනුම් දුන්නේ රන්ජන් රාමනායක ගොනුකර ඇති පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?