අද (28) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 383 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසනවා.
ඒ, අනුව පසු ගිය 23 වනදා සිට සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8,392 දෙනෙකුට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,382ක්, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 690ක්, අධිකවේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් 98ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් රියදුරන් 59 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මකයි.