රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දෙයි

රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා අප්‍රේල් 23 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කර ඇති, එහෙත් 2022-04-11 සහ 12 දෙදින රජයේ නිවාු දින ලෙසට ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා මෙලෙස ලබන 23 වනදා දක්වා සහන කාලයක් හිමිවනු ඇති.

මුදල් අමාත්‍යංශ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තිය අනුව දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩ මුදල් ගෙවීමට සහන කාලය ලබාදී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න කියාසිටියේ.

මේ අනුව මාර්තු මස 29 වනදා සිට අප්‍රේල් මස 10 වන දින දක්වා (එම දින දෙක ද ඇතුලත්ව) නිකුත් කර ඇති දඩ පත්‍රිකා අතිරේක ගාස්තු රහිතව ලබන 23 වනදා දක්වා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවිය හැකි බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?