රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දෙයි

රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා අප්‍රේල් 23 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කර ඇති, එහෙත් 2022-04-11 සහ 12 දෙදින රජයේ නිවාු දින ලෙසට ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා මෙලෙස ලබන 23 වනදා දක්වා සහන කාලයක් හිමිවනු ඇති.

මුදල් අමාත්‍යංශ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තිය අනුව දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩ මුදල් ගෙවීමට සහන කාලය ලබාදී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න කියාසිටියේ.

මේ අනුව මාර්තු මස 29 වනදා සිට අප්‍රේල් මස 10 වන දින දක්වා (එම දින දෙක ද ඇතුලත්ව) නිකුත් කර ඇති දඩ පත්‍රිකා අතිරේක ගාස්තු රහිතව ලබන 23 වනදා දක්වා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවිය හැකි බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17