AFC Banner
AFC Banner
Empty Ad

රතු කුරුසේ වාහනයක අංක තහඩු සවිකළ සුපිරි ජීප් රියක් බියගම ව්‍යාපාරිකයෙකුගේ නිවසේ

රතු කුරුස සංවිධානයට අයත් වාහනයක ලියාපදිංචි අංක තහඩු සවි කරන ලද ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් බියගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොයාගත් බව පොලිසිය පවසනවා.

රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් මෙලෙස සොයා ගැනුණු බවයි පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සඳහන් කළේ.

නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනය කළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් ව්‍යාජ ලේඛන සකස්කර බියගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පරිහරණය කරන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර අනුව සිදුකළ වටලිමක දීයි අදාළ රථය මෙලෙස සොයාගෙන ඇත්තේ.

එලෙස සොයාගත් ජීප් රථයේ එන්ජිම සහ චැසි අංක පරීක්ෂා කිරීමේ දී ඒවා ව්‍යාජ ලෙස කොටා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුව රථයේ වර්තමාන හිමිකරුවන ව්‍යාපාරිකයාගෙන් ඊට අදාළ ලිපි ලේඛන ඉල්ලා සිටීමේ දී ඔහු සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ව්‍යාපාරිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම ජීප් රථය ඊට අදාළ ලිපි ලේඛන ලබාදීමේ පොරොන්දුව මත මීට මාස 08 කට පමණ පෙර රුපියල් ලක්ෂ 50ක මුදලකට මිලදී ගත් බවයි පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට කටයුතු කර බවයි පොලිසිය සඳහන් කළේ.

ජීප් රථය බියගම පොලීසිය වෙත භාරදී ඇති අතර, පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
5
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?