සොරකම් කළ ගිනි අවිය ගැන නිවේදනයක්

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් සොරා ගෙන තිබූ T56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 120ක් සහිත මැගසින් 4 අඟුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වළ දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

අස්ථානගත වූ ගිනි අවිය සහ ජීව උණ්ඩ 120 සොයා ගත් බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කළේ.

මෙම ගිනි අවිය සහ පතොරම් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් පරිදි කඩිනමින් අභ්‍යන්තර පරික්ෂණයක් ගුවන් හමුදාව විසින් ආරම්භ කල අතර ගල්කිස්ස පොලිසිය විසින් ද විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

එම විමර්ශන වලින් අණාවරනය වූ තොරතුරුවලට අනූව රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයෙකු විසින් මෙම ගිනි අවිය පැහැරගත් බවත් එම ගිනි අවිය හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ වෙල්යායක සඟවා ඇති බවටත් එම සැරයන්වරයා විසින් පාපොච්චාරණය කර තිබෙනවා.

අනතුරුව ගල්කිස්ස පොලිසිය මගින් සැකකාර සැරයන්වරයා, ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා ඇති ස්ථානයට රැගෙන ගිය අතර එහිදි ගිනි අවිය උණ්ඩ පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලිසිය විසින් සැකකාර සැරයන්වරයා සමග ගිනි අවිය සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධව සිදුකරනු ලබන පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කරන බවයි ගුවන් හමුදාව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22