රත්නපුර, තිරිවානකැටිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 05 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඉන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
රත්නපුර සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ ගොඩනැගිලි ද්‍රව්‍ය පැටවූ ලොරි රථයක් සහ මොනරාගල සිට හොරණ බලා එමින් තිබූ වෑන් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
මෙම ස්ථානය නිතර අනතුරු සිදුවන ස්ථානයක් බව ප්‍රදේශවාසීන් පවසන අතර අනතුර සම්බන්ධයෙන් රත්නපුර රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1




