රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාමකින් යුක්ත නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ සැකකරුවන් දෙදෙනෙක් අද (03) රත්නපුර පොලිසියේ කොට්ථාශ අපරාධ ව්මර්ශණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා විසින් මහා පරිමානයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුකර ගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ එක් ස්ථානයක දී නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 54,750ක් සහ නීති විරෝධී මත්පැන් බෝතල් 80ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර අනෙක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානයේ අනෙක් ස්ථානයේ කසිප්පු මිලි ලිටර් 66,750ක් සමග අදාළ උපකරණ තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් විසින් රත්නපුර ප්‍රදේශයට නීති විරෝධී මත්පැන් බෙදා හැරීම සිදුකරගෙන ගොස් තිබෙනවා.













