රණවිරුවෝ පිරිසක් සිරීපාදයේ විශේෂ මෙහෙයුමක

ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරන ප්‍රධාන පිවිසුම් මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පස් කන්ඩි කඩා වැටීමෙන් සිරිපා මළුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය වැසී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් සිරිපා මළුවට පිවිසීම මේ වනවිට දුෂ්කර වී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ සිරිපා මළුවට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන උඳුවප් පොහෝ දිනයට ප්‍රථම මෙම මාර්ගය යළි යථා තත්ත්වයට පත් කිරීම මෙම යුද හමුදා සාමාජිකයින්ගේ අරමුණයි.

පවතින වැසි සහ අධික ශීත කාලගුණයත් සමඟ මෙම කටයුත්ත දුෂ්කර වී ඇති අතර, එම අභියෝග මැදවුව ද එම සාමාජිකයින් මේ වනවිටත් එම කාර්යයේ නියැලී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?