රට සුබ අනාගතයක් කරා රැගෙන යෑමට සියලු බර කරටගත් නව ජනපති ගැන කෙටි සටහනක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ හිස් වූ ජනාධිපති අසුන සඳහා, නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණා.රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව තබන කෙටි සටහනක්.

1977 බියගම ආසනය නියෝජනය කරමින් පළමුවරට ඒ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලබා ගත්තා.

1949 මාර්තු 24 වැනි දින උපත ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා දශක 4 කට අධික දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා දේශපාලනයේ වැඩිම නිල පදවි සංඛ්‍යාවක් දරා ඇති දේශපාලනඥයින් කිහිප දෙනා අතර ඉහළින්ම සිටිනවා.රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සරසවියේ නීති පිඨයෙන් නීති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥවරයකු බවට පත් වුණා.

1989 වසරේදී පාර්ලිමේන්තුවේ සභා නායක පදවියට පත්වූ ඒ මහතා 1993 වසරේදී පළමු වරට අග්‍රාමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.පසුව 1994 වසරේදී විපක්‍ෂ නායක ධුරයට පත්වන රනිල් වික්‍රමසිංහ මහතා එම වර්ෂයේදීම එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත් වුණා.

ඉතිහාසය තුළ අවස්ථා 6කදී අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ පළමුවරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?