AFC Banner
Empty Ad
Empty Ad

රට සිහින පෙන්වා මුදල් වංචා කළ දෙදෙනෙකුට මාංචු

විදේශ රටවල රැකියා සඳහා යවන බවට පවසමින් රුපියල් කෝටියක මුදලක් වංචා කළ සැකකරුවකු සහ සැකකාරියක් අද (03) දින අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචා විමර්ශන ඒකකය පවසනවා.

රුමේනියාවේ ඇපල් වතුවල සේවය සඳහා රැකියා ලබාදෙන බවට පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළ බව කියන සිද්ධියක් මත සිදුකළ විමර්ශනයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝට්ටේ මාදිවෙල රාහුල පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මුදල් වංචාවට හසුවූ පුද්ගලයන් සිව් දෙදෙනකු විසින් සිදුකළ පැමිණිලි මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනඩා රාජ්‍යයේ සුප්‍රසිද්ධ බීම වර්ග නිෂ්පාදනය කරන ආයතනයක රැකියා ලබා දෙන බවට පවසමින් රුපියල් ලක්ෂ අනූවක මුදලක් වංචා කළ අනෙක් සැකකාරිය යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද එම ඒකකය පවසනවා.

එලෙස එක් රැකියාවක් සඳහා රුපියල් ලක්ෂ තිහ බැගින් වූ මුදලක් තමන්ගෙන් ලබා ගෙන සැකකාරිය විසින් වංචා කළ බවට පුද්ගලයන් තිදෙනකු විසින් සිදුකළ පැමිණිල්ල මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම 53 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නෙළුම් සමරනායක මහත්මියගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස 06ක් යද්දිවත් රුපියල් 150ට පෙට්‍රල් ටික දෙන්න...#akd #npp #anurakumaradissanayake
Video thumbnail
හිටපු ජනපතිවරුන්ට වැඩ වරදින්නයි යන්නේ
Video thumbnail
මැතිවරණ කොමිසමේ ලොක්කන්ට කන හරහා මොළයට වදින්නම කිව්ව කතාව #electioncommission
02:20
Video thumbnail
අපි සමුගන්නේ නෑ.. මම මේ පාර අනිවාර්යෙන් දිනනවා
03:28
Video thumbnail
ජන්ද දිනය වෙනස් කරන්න කියා මැතිවරණ කොමිෂමට ආ සීලරතන හිමි
05:27
Video thumbnail
Breaking News🛑මහින්ද සහ ගෝඨාභය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #breakingnews #viralnews
03:46
Video thumbnail
එදා අනුරට බැනපු ජොන්ස්ටන් අද අනුර වෙනුවෙන් සතුටු වුණු හැටි
03:32
Video thumbnail
සුදත්තගේ අත්‍යවශ්‍යම අංගය ඉවත් කිරීමට කාන්තාවෝ සැරසෙයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය කොන්දේසි විරහිතව මාලිමාවට
02:43
Video thumbnail
වේයෝ කාපු රෝසිගේ වාහනය ගැන ජොන්ස්ටන් කිව්ව දේ
04:10

?