AFC Banner
Empty Ad
Empty Ad

රට වසනවාද ? ඇසු ප්‍රශ්නයට රජය මුරණ්ඩු නැතැයි කී ඇමති ඩලස්

මොනවා වුණත් රට වහන්නේ නැතැයි යන මුරණ්ඩු ස්ථාවරයක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති බලහත්කාරයෙන් රට වැසීමක් සිදු කිරීමට කටයුතු කරන බවට රජයේ අදහස විමසා අප ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බලකාය ලබාදෙන නිර්දේශ අනුව සුදුසු තීන්දු ගැනීමට රජය සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කර සිටි අතර ,ලෝකයෙ කොවිඩ් වසංගතයට විසඳුම් ක්‍රියාමාර්ග තුනක් අනුගමනය කරන බවද සඳහන් කළා

ඒ අනුව මුළුමනින්ම රට වැසීම, ජනගහණයෙන් සියයට 40කට 50කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සහ යම් ප්‍රමාණවත් සංඛ්‍යාවකට එන්නත දී රට අර්ධ වශයෙන් විවෘත කිරීම එම ක්‍රමවේදයන් බවත්, ශ්‍රී ලංකාව ඉන් තුන්වෙනි ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් පවසා සිටියා

අවුරුදු එක හමාරක් පමණ රටේ විවිධ අංශ වසා දමා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය අනුව එම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවසුවා

මෙරට රැකියාවක් නැති මිලියන අටක පිරිස දෙසත් ආණ්ඩුව ඉතා සංවේදීව බැලිය යුතු බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ඇමතිවරයා සඳහන් කරනවා

නමුත් රජය අනම්‍ය තීරණයක නොමැති බව ද ඇමතිවරයා කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?