රට වසනවාද ? ඇසු ප්‍රශ්නයට රජය මුරණ්ඩු නැතැයි කී ඇමති ඩලස්

මොනවා වුණත් රට වහන්නේ නැතැයි යන මුරණ්ඩු ස්ථාවරයක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති බලහත්කාරයෙන් රට වැසීමක් සිදු කිරීමට කටයුතු කරන බවට රජයේ අදහස විමසා අප ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බලකාය ලබාදෙන නිර්දේශ අනුව සුදුසු තීන්දු ගැනීමට රජය සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කර සිටි අතර ,ලෝකයෙ කොවිඩ් වසංගතයට විසඳුම් ක්‍රියාමාර්ග තුනක් අනුගමනය කරන බවද සඳහන් කළා

ඒ අනුව මුළුමනින්ම රට වැසීම, ජනගහණයෙන් සියයට 40කට 50කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සහ යම් ප්‍රමාණවත් සංඛ්‍යාවකට එන්නත දී රට අර්ධ වශයෙන් විවෘත කිරීම එම ක්‍රමවේදයන් බවත්, ශ්‍රී ලංකාව ඉන් තුන්වෙනි ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් පවසා සිටියා

අවුරුදු එක හමාරක් පමණ රටේ විවිධ අංශ වසා දමා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය අනුව එම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවසුවා

මෙරට රැකියාවක් නැති මිලියන අටක පිරිස දෙසත් ආණ්ඩුව ඉතා සංවේදීව බැලිය යුතු බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ඇමතිවරයා සඳහන් කරනවා

නමුත් රජය අනම්‍ය තීරණයක නොමැති බව ද ඇමතිවරයා කියා සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51