AFC Banner
Empty Ad
Empty Ad

රට යළි වසා දමනවාද?

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී රට වසා දැමීමක් කිසිසේත් සිදු කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

හිරු සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ රට සාමාන්‍ය තත්ත්වය තුළ පවත්වාගෙන යාම සඳහා සියලු‍ දෙනා සතුව වගකීමක් පවතින බවයි.

මේ අතර එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී බූස්ටර් එන්නත් මාත්‍රාව පුද්ගලයින් 58969 කට ලබා දී තිබෙනවා.

එය පෙරේදා බූස්ටර් එන්නත ලබාගත් 23403ට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක්.

මේ අතර අද දිනයේ කොරෝනා ආසාදිතයින් 1,137ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 612,322ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?