රට යළි ගොඩනඟන්න ඛනිජ තෙල් සේවකයින්ගෙන් ලොකු මුදල් පරිත්‍යාගයක්

සිදුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙලට සහායක් ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම සේවකයින්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා අද (05) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා.

මේ සදහා එකඟතාව පළකරමින් ඛනිජතෙල් වෘත්තීය සමිති 09ක් අත්සන්කර ලිපියක් ද භාර දී ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

ඊට අමතරව තෙල් සංස්ථා සේවකයින්ට වාර්ෂික විනෝද චාරිකා සහ වන්දනා චාරිකා යෑමට ලබාදෙන මුදල ද මේ සඳහා පරිත්‍යාග කරන බවයි සංස්ථා සභාපතිවරයා සඳහන් කළේ.

ඒ, අනුව 2025 වසර සඳහා ලබාදී තිබූ මුදලෙන් ඉතිරි මුදලත්, 2026 වර්ෂය සඳහා වෙන්කර තිබූ මුදලත් මෙලෙස පිරිනමා තිබෙනවා.

ලක්ෂ 150ක පමණ මුදලක් ඒ අනුව තෙල් සංස්ථාවේ සේවකයින් විසින් රට යළි ගොඩනැගීම වෙනුවෙන් පරිත්‍යාග කරන බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?