පවතින තත්ත්වය තුළ රට වසා දැමීමට හෝ සංචාරක සීමා පැනවීමට කිසිදු සූදානමක් නොමැති බව අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දිනෙන් දින ඉහළ යන COVID-19 රෝගීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
පවතින තත්ත්වය හේතුවෙන් සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව නොමැති නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහ බූස්ටර ඒන්නත ලබා ගැනීම කොවිඩ් 19 අභියෝගය ජය ගැනීමට ඉවහල් වන බව ඔහු ප්‍රකාශ කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





