Empty Ad
AFC Banner
Empty Ad

රට පුරා ලොක් ඩවුන් රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

රට ලොක්ඩවුන් කරපු විදිහ වසංගත විද්‍යාවට පටහැනිලු රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති කාලසීමාවෙන් නිසි ප්‍රතිඵල ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රට අගුළු දැමුව ද ජනතාව තම තමන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු වල නිරත වන බවයි.

එමගින් රට තුළ ලොක්ඩවුන් රැල්ලක් ද ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා, අපි මේ ලොක්ඩවුන් එක නම් කරන්නේ සප්‍රයිස් ලොක්ඩවුන් එකක් හැටියට.

මේ සප්‍රයිස් ලොක්ඩවුන් ලබාදීමේ ක්‍රමයම වසංගත විද්‍යාවට විරුද්ධයි.

තරු තෝරන තරගයක් විදිහට කුතුහලය උපරිම මට්ටමට ගෙන එකපාරටම කියනවා ඔන්න දැන් ලොක්ඩවුන් කියලා.

එතකොට මහජනතාව මොකද කරන්නේ මේ ලොක්ඩවුන් කාලයේ ජීවිකාව රැකගන්න හිස්ලූ ලූ අත දුවනවා.

මේකේ ප්‍රතිඵලයක් විදිහට රෝගය පාලනය කරනවාට වඩා ලොක්ඩවුන් රැල්ලක් වගේ එකක් ඇති වෙන්න පුළුවන්.

මේ අතර රටේ ඇති වී තිබෙන කොරෝනා අවදානම නිවැරදිව තේරුම් ගෙන කටයුතු නොකළ හොත් නැවත නැවතත් රට වසා දැමීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවිට රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔවුන් කියා සිටියි.

සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරස ප්‍රභේද ය ඉතා වේගයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාදනය දීමේ හැකියාවක් සහිත බවයි.

ඒ සමගම මරණ අනුපාතය ද ඉහළ යාමක් දැක ගැනීමට හැකි බව ද පැවසූ ඔහු අනාගතයේ දී මීටත් වඩා දරුණු වෛරස් ප්‍රභේද ඇතිවිය හැකි බවටත් අනතුරු ඇගවීය.

වසංගතය පාලනයේ ප්‍රධාන වගකීම වසංගත රෝග විද්‍යා ඒකකයට පැවරෙන බව ද පැවසූ ඔහු ඒ සදහා එම ඒකකයේ කමිටු හයක් පත්කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ අධීක්ෂණය යටතට පත් කරන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02

?