වැලිමඩ සාප්පුකඩේ ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් වැලිමඩ පොලීසියට කළ පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර තිබු අතර එහිදි වැලිමඩ සාප්පුකඩේ ප්‍රදේශයේ කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබේ.
ඊයේ (24) අදාළ කාන්තාවගේ මළ සිරුර ඇඳ ඇතිරිල්ලකින් ඔතා එම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ ඇති පාළු ළිඳක දමා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන ඇත.ඇය 54ක් වු පුරංවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
මියගිය කාන්තාව විසින් තවත් පුද්ගලයෙකු සමග හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම පුද්ගලයා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.එම පුද්ගලයා සමග ඇති වු බහින්බස්වීමක් මත එම පුද්ගලයා විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
මේ අතර බෙල්වුඩ් ජනපදය ප්‍රදේශයේ නිවසක් තුළ සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇත.එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




