රට තුළ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරනවා – ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකුට තහනම් උත්තේජක චෝදනා

සාධනීය ලෙස පනත් සංශෝධනය කර රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරන බව ක්‍රීඩා නියොජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසනවා.

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අද (07) පාර්ලිමේන්තුවේ දී අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පිරිසිදු ක්‍රීඩාවක් ඇතිකිරීමේ අරමුණින් මෙම පනත ක්‍රියාත්මක කරන බවත්, ලෝක උත්තේජක මර්දන නියෝජිත ආයතනය මගින් මේ පනත ක්‍රියාත්මක වන බවත් සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

මේ අතර 2011 මැයි මස 24 වනදා සිට 2025 මැයි මස 25 වනදා දක්වා කාලය තුළ මෙරට සියලුම ක්‍රීඩා සඳහා සිදුකර ඇති පරීක්ෂණවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකුට තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇති බවත් ඔහු අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?