ජාති, ආගම් හා භාෂා භේද ඇති කරමින් රට තුළ ප්‍රශ්න ඇති කිරීමට දමිළ දේශපාලඥයින් සෘජුවම දායකත්වය ලබාදෙන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.
උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ රට තුළ නීතිය ක්‍රම කිහිපයකට ක්‍රියාත්මකවන බවයි.
එමෙන්ම රට ගොඩගැනීමට නම් පාර්ලිමේන්තු සියලුම නියෝජිතයින් ඉවත්කර විකල්ප කණ්ඩායමක් ගෙන ආ යුතු බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළා.
තමන්ට ද සමාජ මාධ්‍ය හරහා විවිධ විවේචන ඉදිරිපත් වන බවත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවන බව ද මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් මෙහිදී පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1
2