රට තුළ ආගමික සහජීවනයෙන් කටයුතු කිරීමට නම් අන්තවාදී සංවිධාන මැඬලිය යුතුයි

බෞද්ධාගමිකයින්ට පමණක් නොව සියලු ජනාතවට රට තුළ ආගමික වශයෙන් සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමට නම් අන්තවාදී සංවිධාන මැඩ පැවැත්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති,ශාස්ත්රපති පූජ්ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

ජාතිවාදී උන්මාදයෙන් පෙලෙන ඇතැම් දේශපාලනඥයින් සහ අන්තවාදී සංවිධාන ඉතා සැළසුම් සහගතව උතුරු නැගෙනහිර පුරාවිද්යාත්මක වශයෙන් වැදගත් ස්ථාන වලට මෙන්ම බෞද්ධ සිද්ධස්ථාන වලට බරපතල ආකාරයේ විරෝධතා මතු කරමින් සිටින බව ද උන්වහන්සේ කීහ.

මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ දී (15) මාධ්ය හමුවේ අදහස් දක්වමින් ආනන්ද නාහිමියෝ මෙසේද පැවසූහ. ඇතැම් ජාතිවාදී දේශපාලනඥයින් සහ අන්තවාදී සංවිධාන ඉතා සැළසුම් සහගතව උතුරු නැගෙනහිර පුරාවිද්යාත්මක වශයෙන් වැදගත් බෞද්ධ සිද්ධදස්ථාන වලට තමන්ගේ විරෝධය එල්ල කරන්නේ ජාතිවාදී හා ආගම්වාදී අර්බුදයක් රට තුළ නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් ද යන බරපතල සැකය මේ රටේ මධ්යස්ථ ජනතාව තුළ පැන නගිමින් තිබෙනවා. දේවානම් පියතිස්ස රජ සමය දක්වා වූ ඉතිහාසයක් ඇති කන්කසන්තුරේ තිස්ස විහාරයට ඔවුන් බරපතල විරෝධයක් මතු කරමින් ඉන්නවා. ඒ වගේම කුරින්ද අටුවාව රචනා කිරීමට මූලික වූ ඓතිහාසික වශයෙන් ඉතාම වැගත් වූ බෞද්ධ නටඹුන් රාශියක් දක්නට ලැබෙන කුරින්දි විහාරය සම්බන්ධයෙන් ද ජාතිවාදී දේශපාලනඥයින් හා සංවිධාන එක්ව බරපතල විරෝධයක් දියත් කෙරෙමින් පවතිනවා.

සියම් උපසම්පදාව මෙරට ස්ථාපිත කර වසර 270 ක් සපිරීම නිමිත්තෙන් සියම් ජාතික භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ බෞද්ධ ධූත පිරිසක් අතීත මුහුදු මාරය ඔස්සේ ත්රිකුණාමලයට මුහුදු මාර්ගය වැඩම කළා. එදා වසර 270 කට පෙර මෙරටට පැමිණි ධූත පිරිස ලාංකීය ප්රභූන් මුණගැසුණු ඓතිහාසික ස්ථානයට පැමිණි දෙමළ ජාතිවාදී සංවිධාන සහ ඇතැම් විශ්වද්යාල ශිෂ්ය කණ්ඩායම් බරපතල විරෝධයක් එහි දී මතුකර තිබෙනවා. මේ රටේ බෞද්ධ ජනතාව සංහිඳියාව ගරු කරමින් බොහොම නිහඬව කටයුතු කරන පරිසරයක තමයි මේ වගේ සංවිධානත්මක දේවල් සිදු වෙන්නේ. මේ තත්ත්වය මැඩ පැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ නම් රට තුළ බරපතළ ආගමික සහ වෙනත් ජාතික අර්බුද නිර්මාණය වීම වැලැක්විය නොහැකියි.

මේ රජය බලයට පත්කළ ජනතා අභිලාෂයන් කුමක්ද යන්න සම්බන්ධව වර්තමාන රජයේ මැති ඇමැතිවරු වටහාගත යුතුයි. ඔවුන් කිසිදු කෙනෙක් මේ ප්රශ්නය සම්බන්ධව කතා කරන්නේ නැහැ. ආණ්ඩුකාරවරු පත් කිරීමේ දී පවා සිංහල බෞද්ධ ජනතාවට අගතියක් වන ආකාරයට තමයි අදාළ පත්වීම් කරන්නට සූදානම් වෙන්නේ. උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා විය යුතුයි. ඒ වගේම ජාතිවාදී ලෙස කටයුතු කරමින් ගැටුම් ඇති කිරීමට උත්සහ කරන පිරිස සම්බන්ධයෙන් නීතිය තදින් ක්රියාත්මක විය යුතුයි. මීට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව නැගී සිටිහහොත් එවැනි දවසක ඇතිවන අර්බුදයට වත්මන් රජය වගකිය යුතු වෙනවා. අන්තවාදී සංවිධාන මෙන්ම මූලධර්මවාදී ආගමික කණ්ඩායම් අද බුදුන් වහනේසට අපහාස වන ආකාරයේ විවිධ ව්යාපෘති හා මතවාද ව්යාප්ත කරමින් බෞද්ධ ජනතාව කුපිත කරමින් සිටිනවා. තව දුරටත් මේ රටේ බෞද්ධ ජනතාව මේවා ඉවසන්නේ නැහැ. ඒ නිසා වහාම මෙවැනි ක්රියා මැඩපැවැත්වීම සඳහා රජය මැදිහත් විය යුතුයි. මේ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස බෞද්ධ ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. මේ ආකාර ක්රියා තව දුරටත් සිදු වෙනවා නම් අපි ඒ වෙනුවෙන් නැගී සිටින බව ද දන්වන්න කැමැතියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?