AFC Banner
Empty Ad
Empty Ad

රට ගොඩනැඟීම සාමූහික කාර්යයේ කොටස්කරුවෙක්වීම තම වගකීමයි – ජාතිය අමතමින් නව ජනපති කියයි

රට ගොඩනැඟීම සාමූහික කාර්යයේ කොටස්කරුවෙක්වීම තම වගකීම බව අද (23) දිනයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක පවසනවා.

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද දිනයේ දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් නව ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ලෝකය අනෙකුත් රටවල් සමඟ සාමූහිකව ඒකාබද්ධව ඉදිරියට යෑමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවයි නව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

රට ගොඩනැඟීම සඳහා කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට වැදගත් කාර්ය භාරයක් ඇති බව පේනවා දුන් ජනාධිපතිවරයා; ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ලැබෙනු ඇති බවට වන බලාපොරොත්තුව තමන් තුළ පවතින බවයි වැඩිදුරටත් පැවසුවේ.

මෙරට නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම්දීම වෙනුවෙන් චාම් උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?