රට ගොඩනැඟීම සාමූහික කාර්යයේ කොටස්කරුවෙක්වීම තම වගකීමයි – ජාතිය අමතමින් නව ජනපති කියයි (වීඩියෝ)

රට ගොඩනැඟීම සාමූහික කාර්යයේ කොටස්කරුවෙක්වීම තම වගකීම බව අද (23) දිනයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක පවසනවා.

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද දිනයේ දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් නව ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ලෝකය අනෙකුත් රටවල් සමඟ සාමූහිකව ඒකාබද්ධව ඉදිරියට යෑමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවයි නව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

රට ගොඩනැඟීම සඳහා කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට වැදගත් කාර්ය භාරයක් ඇති බව පේනවා දුන් ජනාධිපතිවරයා; ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ලැබෙනු ඇති බවට වන බලාපොරොත්තුව තමන් තුළ පවතින බවයි වැඩිදුරටත් පැවසුවේ.

මෙරට නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම්දීම වෙනුවෙන් චාම් උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ සංවිධානය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48