රට ගොඩනඟන යකඩ රාමුව රනිල් හදලා ඉවරයි – වජිර

‘අඳුරු අනාගතය පහන් කරන්නට ජාතික එකඟතාවක්, ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන්නට සියලූ දෙනාම එකතු වෙමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ හයිඞ් පිටියේදී ඊයේ (25 දා) සංවිධානය කර තිබූ සත්‍යග‍්‍රහය හිටපු අගමැති, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඩාලි පාර, ගාමිණී සිනමාශාලාව අසලින්, යුනියන් පෙදෙසින් සහ විහාරමහාදේවි උද්‍යානය අසලින් එක්සත් ජාතික පක්ෂ නායකයෝ සහ පාක්ෂිකයෝ කාණ්ඩ තුනක් පෙළපාලි ලෙස පැමිණ හයිඞ් පිටියේදී සත්‍යග‍්‍රහයට එක්වූහ.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු පක්ෂ නායකයෝ, හිටපු එජාප මැති ඇමැතිවරුන් හා පාක්ෂිකයෝ රැසක් හයිඞ් පිටියට පැමිණ සත්‍යග‍්‍රහයට එක්වූහ. හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණාරත්න පරණවිතාන, පාඨලි චම්පික හිටපු ඇමැතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක ධනුෂ්ක රාමනායක ඇතුළු එජාපය හැරගිය පිරිස් ද නැවත මෙම සත්‍යග‍්‍රහයට පැමිණ තිබීම විශේෂත්වයකි.

මෙහිදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ පැමිණ සිටි පිරිස ‘රටේ අනාගතය අඳුරින් මුදා පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය වන ජාතික එකඟත්වය සහ ජාතික ප‍්‍රතිපත්තියක්’ යන තේමාව යටතේ වූ ඒකායන අධිෂ්ඨාන සත්‍යකි‍්‍රයාවක නිරත වූහ. සත්‍යග‍්‍රහයට එක්වෙමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේය.

මේ සත්‍යග‍්‍රහය බල අරගලය සඳහා නොවෙයි. රට මුහුණදී සිටින තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව එකතු වන ලෙස සියලූ දෙනාට ආරාධනා කිරීමයි අපේ අධිෂ්ඨානය. තියෙන තත්ත්වයෙන් රට මුදාගෙන හරි වෙලාවට හරි පිරිසක් බලයට පත්කරගන්න ජනතාවට අවස්ථාව ලැබෙනතෙක් ඉවසන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මෙසේ කීවේය.

රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමයි අපි කළ යුත්තේ. රට වැටිච්ච තැනින් ගොඩගන්න යකඩ රාමුවක් අවශ්‍යයි. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එය සකස් කර ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ද සකස් කර තිබෙනවා. ඒ සඳහා සියලූදෙනාම එකතු වෙන්න කියා ඉල්ලා සිටිනවා. මෙහිදී උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනෙක් අදහස් දැක්වූහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08