AFC Banner
Empty Ad
Empty Ad

රට ගෙනියන්නේ කොහොමද ඩොලරය 235යි කියලා හැමෝම නටනකොට – ධම්මික පෙරේරා

අමෙරිනානු ඩොලරයේ අගය ඉහළ යෑම ගැන අනවශ්‍ය ලෙස කලබලවීමෙන් රටේ ජනතාය තුළ තිබෙන විශ්වාසය බිඳෙන බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.  

‘එක්ව ජයගමු’ නම් අද දෙරණ විශේෂ වැඩසටහනකට සහභාගීවෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“ඩොලර් රට ඇතුළට එන්නේ කොමොහද?.. සංචාරකයෝ එන්න ඔනේ. නැත්නම් විදේශගතව වැඩ කරපු අයගේ ඒවා එන්න ඕනේ. ඩොලරයේ මිල රුපියල් 235යි 240යි කිව්වාම මේකෙ ඇතුළෙ ඉන්න ඔක්කොම මිනිස්සු එකතු වෙලා නටනවා දැන් ඩොලර් එක 235යි කියලා. එහෙම නටලා රටේ තියෙන විශ්වාසය බිඳපු ගමන් මේක අතනට දුවනවා. ඔය හැමෝම කියන විදිහට රටවල් දුවන්න බෑ. රට දුවන්න අනිවාර්යයෙන්ම මේක 203, 205 ලෙවල් එකේ තියාගන්න ඕනේ. මම පුද්ගලිකව එක්ස්පෝට් කරන එක ඇත්ත. මෙහෙම ආවොත් මට ලාභ වෙන එකත් ඇත්ත. හැබැයි මේ පුටුවේ ඉඳගෙන මම රට ගැන කතා කරනවා නම් ඒ ඩොලර් ගැන ඒ විදිහට කතාකරන්න බෑ. මේක කතා කරන්න ඕනේ රට පැත්තෙන්.”

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“ඩොලර් එක කොහොමද තියාගන්න ඕනේ. ආණ්ඩුවේ ආදායම මදි. කොවිඩ් එකත් එක්ක නිසා. එහෙනම් ආණ්ඩුවට ආදායම හදන්න ඕනේ. එතකොට මොකක් ද කරන්න පුළුවන්. ආදායම් එන තැන් ටික බලන්න. කස්ටම් එකෙන් ගන්න බෑ. එහෙනම් මේ ටැක්ස් සිස්ටම් එකෙන්ම ගන්න වෙනවා. එහෙමනම් එක මූලික කරුණක් තමයි මේ වගේ වෙලාවක හැම භාණ්ඩයකින්ම සියයට 2ක්, 3ක් වගේ කොවිඩ් ටැක්ස් එකක් ගන්න එක. කොවිඩ් තියෙනකම්. ඒක පාඩු වැඩක්. මම ඇවිල්ලා සර්ජන් නේ, ඉතින් කපනකොට කොහොමත් රිදෙනවා. රිදුනට මම කපන එක්කෙනා. එහෙම ගන්නේ නැතුව රජයකට ආරක්ෂාවෙන්න බෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?