රට ඉක්මනින්ම විවෘත කිරීම ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියූ කතාව මෙන්න

මෙරටට ගෙන්වූ ස්පුට්නික් දෙවන මාත්‍රා 50,000 ක් සදහා අද දින භාවිත අවසරය ලබාදීමට හැකි බැවින් හෙට දින එම එන්නත් තොගය මහනුවරට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ස්පුට්නික් දෙවන මාත්‍රාව හෙට දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයට ලබාදීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පල කළා.

මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 18,257 හා රැපිඩ් අන්ටිජෙන් පරීක්ෂණ 3,979 සිදුකර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන කියා සිටියා.

මේ අනුව ඊයේ දිනය තුල සිදුකර ඇති සමස්ත කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 22,236 ක්.

මේ අනුව සිදුකෙරෙන PCR පරීක්ෂණ අඩුවීමක් කර නොමැති අතර රැපිඩ් අන්ටිජන් ප්‍රමාණය වැඩිකර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මින් ඉදිරියට නිරෝධායන වන පවුල්වල PCR පරීක්ෂණ සිදු නොකරන අතර ඒ වෙනුවට රැපිඩ් අන්ටිජන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි වෛද්‍ය අසේල ගුණවර්දන කියා සිටියේ.

ඒ තුලින් ඉක්මනින් රෝග ව්‍යාප්තිය දැන ගැනීමට හැකියාව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල අහඹු පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් සංඛ්‍යාව වැඩිකරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් ඒ හරහා රෝගය කොතරම් දුරට සමාජයේ පැතිරී ඇත්ද යන්න පිළිබඳව ලබන සෙනසුරාදා වන විට දැන ගත හැකිවනු ඇති බවත් ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ අහඹු පරීක්ෂණ වැඩි කිරීමෙන් රට ඉක්මනින් විවෘත කිරීමට ඇති හැකියාව දැනගත හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00