රට ඇදවැටීමට වගකියන්න ඕනේ පුද්ගලික අංශය කියලා මම බය නැතුව කියනවා

මෙරට ඇතැම් බැංකු කඩාවැටීමේ අවදානමක පවතින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රටේ මධ්‍යම පන්තිය ද විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.

බැංකුකරුවන්ගේ විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (22) පස්වරුවේ කොළඹදී පැවැත්වුණු අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“බැංකු නැතුව ආර්ථිකය ගෙනියන්න බෑ. බැංකු ආරක්ෂා කරන්න ආරක්ෂිත දැළක් අවශ්‍යයි. ඩොලර් නැතිවෙන එකයි බැංකු කඩාවැටෙන එකයි එකතු වුණොත් ඇතිවෙන තත්ත්වය පොඩි ළමයිගේ සෙල්ලකම් වාගේ වෙයි. මොකද මම මෙහෙම කියන්නේ අපේ සමහර බැංකු වැටෙන්න යනවා. සමහර බැංකු අලුතෙන් හදන්න වෙනවා.”

“අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකෙන් එන ප්‍රශ්න ඇවිත් නෑ. බැහැයි දැන් ඒකත් එන්නයි යන්නේ. ඉදිරියේදී ලෝකෙන් ඉන්ධන, ආහාර, පොහොර ආදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.”

“ඉදිරියේදී ආහාර හිගයක් ඇති වෙනවා. ලෝකයේ තිරිගු පිටි වැඩි ප්‍රමාණයක් ආවේ යුක්රේනය හා රුසියාව වගේ රටවලින්. එහි නිෂ්පාදන දැන් අඩුවෙනවා. ආර්ථිකය මෙහෙම ඉදිරියට ගියොත් මධ්‍යම පන්තිය නැතිවී යනවා. වැඩකරන ජනතාව දුප්පතුන් බවට පත්වෙනවා. අපි මේවට මුහුණ දෙන්න වැඩසටහනක් ඇතිකළ යුතුයි.”

“මේකෙන් ගොඩඑන්න ආණ්ඩුවේ ස්ථාවරබවක් අවශ්‍යයි. 113ක් තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ. 175ක් වත් ඕනෑ. කවුරු ආවත් අමාරු තීරණ තියෙනවා. ජනප්‍රියත්වය අනුව යන්න බැහැ.”

“ගියපාර මැතිවරණයේදී කිව්වා මූල්‍ය අර්බුදයක් එනවා කියලා. IMF යන්න ඕනේ කියලා. තිත්ත ඇත්ත කියපු නිසා අපිට ගෙදර යන්න වුණා. අපේ රටේ ජනතාව මේක පිළිගන්න ලෑස්ති වෙන්න ඕනේ. දේශපාලකයින් ඇත්ත කියන්න ඕනේ. නැත්තම් මේකෙන් ගොඩඑන්න බෑ.”

“රටේ ආදායම අඩුවෙලා මේ අර්බුදයට රට ඇදවැටීමට වගකියන්න ඕනේ පුද්ගලික අංශය කියලා මම බය නැතුව කියනවා. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනාධිපතිතුමාට ගිහින් කිව්වා ආදායම් බදු ඔක්කොම අඩු කරනවා නම් රටේ ආර්ථිකය නැගලා එනවා කියලා. ඉතින් දැන් නැගලා ආවේ නෑනේ.”

“මේ වෙලාවේ ජනතාව විශාල වෙනසක් ඉල්ලනවා.මාළිගාව ඇතුලේ කුමන්ත්‍රණ කරලා වැඩක් නැහැ.මහපාරේ තියෙනවා විප්ලවය. ඒක මැදින් තමා දේශපාලනය කරන්නවෙලා තියෙන්නේ. අන්න ඒ තැනට තමා අපි ඇවිත් තියෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18