රට අවියක් සමඟ අයෙක් මිනුවන්ගොඩ දී අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ පොලිස් වසමේ පීල්ලවත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරු අද (01) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේ දී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, එම පතරොම් ගැබ් 01ක් හා ජීව පතරොම් 13 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු වයස අවුරුදු 39 ක් වන පීල්ලවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු හෙට (02) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදවත් රෝගය නිට්ටාවට සුව කරන එකම තැන - "හබරකඩ වෙද ගෙදර"
02:37
Video thumbnail
"චීවර දාගත්ත නිකන් මිනිස්සු - වැරදි වැඩ මේ" සලේට අත්සන් ලක්ෂ‍යක් ලබා ගද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
01:58
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46
Video thumbnail
ජනපති එක අතකින් පව් - එතුමා වොෂින්ටන් වෙලා..අවුරුද්ද කන එක මිනිසුන්ට හීනයක් වෙලා
09:21
Video thumbnail
පොත ගහන එකේ මහමොළකරු ආණ්ඩුවද ?හෙක්ටර් නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් කියලා දෙයි..
04:45
Video thumbnail
මහ දවලුත් හරි අපූරුවට විදුලි බල්බ දැල්වෙන පානදුර නගරය
00:29
Video thumbnail
මිනී##වා බේරාගන්න සජිත් ප්‍රේමදාස ගියේ - කණගාටුයි
05:57
Video thumbnail
මහ දවලුත් හරි අපූරුවට විදුලි බල්බ දැල්වෙන පානදුර නගරය..මිනිස්සුන්ට මේවා පේන්නේ නැද්ද ?
00:53