රට අවධානම් තත්ත්වයක…රජයේ වියදම් සීමා කෙරෙයි

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.

කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බැවින් රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහත වැටී ඇති අතර, මේ වසරේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම වසරේ පුනරාවර්තන වියදම් රුපියල් කෝටි දෙලක්ෂ 69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම, සහනාධාර දීම ඇතුලු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම් තවත් වැඩිවනු ඇතැයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුදැනුම මත එම ආයතනවල නිලධාරීන් චක්‍රීය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමාවන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

එමෙන්ම රසායනික පලිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි ඊයේ අමාත්‍ය මන්ඩලයේදී සාකච්ඡා වී ඇති බවද සඳහන්.

මේ අතර ගොවියා අතරමං නොකර වගාවන් සඳහා කාබනික පොහොර යොදන ආකාරය පිළිබදව දැනුවත් කිරීම් කඩිනමින් සිදුකළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ දඹුල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41