AFC Banner
Empty Ad
Empty Ad

රටේ විදුලි අර්බුධයේ තිත්ත ඇත්ත – මොහොතක් මෙය කියවා බලන්න

අද (30) දිනයේදී පැය 12ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් ඉදිරිපත් කලත්, මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත් වීම මගින් එක් විදුලි බලාගාරයක ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සපයා දීම නිසා හෙට දිනයේ විදුලි කප්පාදු කිරීමේ කාලය පැය 10ක් දක්වා අවම කර ගැනීමට හැකිවූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා ඇති ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාව ගොඩබෑමට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට නොහැකිවීම නිසා නියමිත පරිදි ගොඩබෑමට නොහැකි වීම ද හෙට දිනයේ විදුලි කප්පාදු කිරීමේ පැය ගණන වැඩි වීමට හේතුවක් වූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඩීසල් රැගත් නෞකාවක් ලබන අප්‍රේල් මස 01 වෙනිදා ලඟා වීමට නියමිතව ඇති අතර එම ඩීසල් තොගය ගොඩබෑම අප්‍රේල් මස 02 වෙනිදා සිදුවන බැවින් එතෙක් දෛනික විදුලි කප්පාදු කිරීමේ කාලය වැඩිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉදිරියේදී නියමිත පරිදි විදුලි බලාගාර ආශ්‍රිතව වර්ෂාව නොලැබුණහොත් තත්ත්වය මිට වඩා දරුණු විය හැකි බව පෙන්වා දුන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා, මේ වන විට රටේ විදුලි බලාගාර ආශ්‍රිත ජල ප්‍රමාණය සියයට 27ක් දක්වා පහත බැස ඇති බවද සඳහන් කර සිටියා.

ගල් අඟුරු වලින් විදුලිය නිපදවනු ලබන නොරච්චෝලේ විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ඇනවුම් 07ක් සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නොලැබීම නිසා එම ඇනවුම් සිදුකිරීම ප්‍රමාද වී ඇති බවත් එම ගල් අඟුරු නියමිත කාලයේදී මෙරටට නොලැබුණහොත් ඉදිරියේ විදුලි සැපයුමට එල්ලවන බලපෑම් ඉතා අවධානම් මට්ටමක පවතින බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?