රටේ විදුලි අර්බුධයේ තිත්ත ඇත්ත – මොහොතක් මෙය කියවා බලන්න

අද (30) දිනයේදී පැය 12ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් ඉදිරිපත් කලත්, මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත් වීම මගින් එක් විදුලි බලාගාරයක ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සපයා දීම නිසා හෙට දිනයේ විදුලි කප්පාදු කිරීමේ කාලය පැය 10ක් දක්වා අවම කර ගැනීමට හැකිවූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා ඇති ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාව ගොඩබෑමට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට නොහැකිවීම නිසා නියමිත පරිදි ගොඩබෑමට නොහැකි වීම ද හෙට දිනයේ විදුලි කප්පාදු කිරීමේ පැය ගණන වැඩි වීමට හේතුවක් වූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඩීසල් රැගත් නෞකාවක් ලබන අප්‍රේල් මස 01 වෙනිදා ලඟා වීමට නියමිතව ඇති අතර එම ඩීසල් තොගය ගොඩබෑම අප්‍රේල් මස 02 වෙනිදා සිදුවන බැවින් එතෙක් දෛනික විදුලි කප්පාදු කිරීමේ කාලය වැඩිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉදිරියේදී නියමිත පරිදි විදුලි බලාගාර ආශ්‍රිතව වර්ෂාව නොලැබුණහොත් තත්ත්වය මිට වඩා දරුණු විය හැකි බව පෙන්වා දුන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා, මේ වන විට රටේ විදුලි බලාගාර ආශ්‍රිත ජල ප්‍රමාණය සියයට 27ක් දක්වා පහත බැස ඇති බවද සඳහන් කර සිටියා.

ගල් අඟුරු වලින් විදුලිය නිපදවනු ලබන නොරච්චෝලේ විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ඇනවුම් 07ක් සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නොලැබීම නිසා එම ඇනවුම් සිදුකිරීම ප්‍රමාද වී ඇති බවත් එම ගල් අඟුරු නියමිත කාලයේදී මෙරටට නොලැබුණහොත් ඉදිරියේ විදුලි සැපයුමට එල්ලවන බලපෑම් ඉතා අවධානම් මට්ටමක පවතින බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22