රටේ වත්මන් අර්බුද හමුවේ නැවතත් කොටි හිස ඔසවන ලකුණු

මේ වන විට ශ්‍රී ලංකාවේ මතු වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට සහයෝගය දක්වන අතර වාරයේ දෙමළ සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් ඔවුන්ගේ ඊලාම් ව්‍යාපෘතිය රහසිගතව ක්‍රියාත්මක කරන බව කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් චෝදනා කරනවා.

ඔවුන් මෙලෙස චෝදනා කරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර දී ඊයේ පැවැති එල්ටීටීඊ හිතවාදී මෝටර් රථ රැලියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මෙම මෝටර් රථ රැලිය සම්බන්ධ ප්‍රචාරක පෝස්ටර සඳහා පැරණි එල්ටීටීඊ සිතියම භාවිත කර තිබූ අතර ඔවුන් එහිදි ශ්‍රී ලංකාව සහ ඊළාම් ඒකකය වෙන්කර එම කොටස් දෙක සඳහා විශේෂ hashtag දෙකක් ද භාවිත කරමින් සිය ප්‍රචාරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී කළු පැහැයෙන් සලකුණු කර තිබූ ශ්‍රී ලංකා කොටසට භාවිත කර තිබූ hashtag එක සමග ඔවුන් ප්‍රචාරණය කරනු ලැබුවේ #FaildState හෙවත් අසමත් රාජ්‍යයක් ලෙසයි.

එමෙන්ම මෙම සිතියමේ රතු පැහැයෙන් දක්වා ඇති ඊළාම් රාජ්‍යය ලෙස සැලකෙන කොටස සඳහා ඔවුන් භාවිත කර තිබූ hashtag එක #Occupied හෙවත් මේ වන විටත් අත්පත් කරගෙන ඇති බවට වන අර්ථය සඳහන් වී තිබුණා.

කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් චෝදනා කරන්නේ කල දුටු කල වළ ඉහ ගන්නා මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ මෙරට විදේශ සේවය මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04