රටේ නම රැකගත් විශ්‍රාමික හමුදා නිලධාරියාගේ අවංක මනුෂ්‍යත්වය

ගාලු කොටුවේ තිබී විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට හමුවූ විදේශික කාන්තාවකට අයත් මුදල් සහිත බෑගයක් යළිත් එහි හිමිකාරිය සොයා භාරදුන් පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (08) පෙරවරුවේ ශාරීරික ව්‍යායාම සඳහා ගාලු කොටුව පෙදෙසේ ඇවිදිමින් සිටි කොග්ගල ප්‍රදේශයේ සමන් සිසිර පී. වෙල්ගම නමැති විශ්‍රාමික හමුදා නිලධාරියෙකුටයි මෙම අත් බෑගය හමුවී ඇත්තේ.

එහි මෙරට හා විදෙස් මුදල් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ද, ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක්, ගමන් බලපත්‍රයක් ඇතුළුව ලියකියවිලි රාශියක් අඩංගු වී තිබෙනවා.

ගමන් බලපත්‍රය අනුව බෑගයේ අයිතිකාරිය ලිතුවේනියානු ජාතික කාන්තාවකගේ බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මෙම නිලධාරියා ගාලු කොටුව අසල ත්‍රී රෝද රථ රියදුරන් දැනුවත් කර, ගාලු කොටුව සංචාරක පොලිසියට සිද්ධිය පිළිබඳ දැනුම් දී පැය කිහිපයක් ඇතුළත එහි හිමිකාරිය සොයා ගැනීමට සමත් වුණා.

කොටුව සංචාරක පොලිසියේ නිලධාරීන් ඉදිරියේ දී යි එම මුදල් සහිත බෑගය ලබාදී ඇත්තේ.

මෙහිදී අදහස් දැක්වූ විදෙස් කාන්තාව කියාසිටියේ තමා මීට දින 5කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි බවත්, අද(8) පෙරවරුවේ ගාලුකොටුවේ ඇවිදමින් සිටියදී තම මුදල් සහ අත්‍යවශ්‍ය ලියකියවිලි තිබූ බෑගය අස්ථානගත වීමෙන් දැඩි කනස්සල්ලටත් අසරණභාවයටත් පත්ව සිටි බවයි.

බෑගය හිමිවීමත් සමග සංවේදි වු ඇය ශ්‍රී ලාංකීය ජනතාවගේ මනුෂ්‍යත්වය තමන් පුදුම කිරීමට සමත් වූ බව කියාසිටි අතර
විදෙස් මුදල් නෝට්ටු කිහිපයක් බෑගය සොයා දුන් නිලධාරී මහතා අතට ලබා දී තිබෙනවා.

එහෙත් ඔහු එය බාරගැනීම නිහතමානීව ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

නැවතත් ශ්‍රි ලංකාවට පැමිණෙන බව පැවසූ ඇය බෑගය සොයා දුන් සිසිර මහතාට සහ ඒ සඳහා වෙහෙස වූ සියලු දෙනාටම ස්තූතිය පිරිනැමුවා.

https://www.youtube.com/watch?v=EyQdHXjQkZo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?