AFC Banner
AFC Banner
Empty Ad

රටේ අනාගතය නැති කළ අයගේ ඔඩොක්කුවට වැටෙන්න එපා

ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කළ, මේ රටේ අනාගතය නැති කළ වුන්ගේ ඔඩොක්කුවට නොවැටෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ පොහොට්ටුවේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළියට එක්වෙමිනි.

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය පැවැත්වුණේ බොරැල්ල කැම්බල් පිටියේ දීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායම හොරු යැයි පවසමින් මඩ ගසා, බොරු කර රටේ අනාගතය නැති කිරීමට දෙස් විදෙස් බලවේග රාශියක් ක්‍රියාත්මක වන බවයි.

තම පක්ෂය කිසිවිටෙක ඒවාට නොසැළෙන බව පැවසූ මහින්ද රාජපක්ෂ අවධාරණය කළේ රටේ හතර දිග් භාගයෙන් කැම්බල් පිටියට එකතු වී සිටින ජනතාව ප්‍රදර්ශනය කරන්නේ තලන පෙළන පොදුජන පෙරමුණ තව තවත් මුවහත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
14
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?