AFC Banner
Empty Ad
Empty Ad

රටේවත් නැති පොහොරට ගහපු චක්‍රලේඛ ගැන කතා කරන සජිත්..

රසායනික පොහොර ලබා දෙන්නට බැරි බවට විෂය භාර අමාත්‍යවරයා මේ වන විට ප්‍රකාශ කොට ඇති බවත්,එය එසේනම් රසායනික පොහොර ගෙනෙන බවට චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි දැයි කියා ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙවැනි චක්‍රලේඛ නිකුත් කරමින් ආණ්ඩුව නැවත වතාවක් ගොවි ජනතාව රවටා ඇති බවත් ඒ මහතා පැවසීය.

විසිහතර පැයේම ආණ්ඩුව ගොවියාව රවට්ටන බවත් අතේ පුපුරන දියර පොහොර කෑන් ගොවි ජනතාවට ලබාදී ඇති බවත් , මෙවැනි බරපතළ විනාසයක් ගොවිතැනට සහ ගොවි ජනතාවට කරන්නේ ඇයි දැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, අසූචි පොහොර නැවට වන්දි ගෙවන්නට ඇති උනන්දුව වත් මේ මොහොතේ අසරණ කොට දමා ඇති ගොවි ජනතාවට වන්දි ලෙස ගෙවන්නට උවමනාවක්වත් ඒ ආණ්ඩුව නැතැයිද ඒ මහතා පැවසීය.

උත්සව සමය එළඹෙන මොහොතේ ජනතාව සහමුලින්ම අන්ත අසරණ වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුවේ සියලුම සහන පැකේජ හිමිවන්නේ මැතිඇමතිවරුන්ට සහ ගජ මිතුරන්ට පමණක් පමණක් බවද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව ප්‍රකාශ කළේ අද (19) තිස්සමහාරාම, කාසින්ගම ප්‍රදේශයේ පැවති ගොවි ගැටලු විමසන හමුවට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?