රටේවත් නැති පොහොරට ගහපු චක්‍රලේඛ ගැන කතා කරන සජිත්..

රසායනික පොහොර ලබා දෙන්නට බැරි බවට විෂය භාර අමාත්‍යවරයා මේ වන විට ප්‍රකාශ කොට ඇති බවත්,එය එසේනම් රසායනික පොහොර ගෙනෙන බවට චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි දැයි කියා ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙවැනි චක්‍රලේඛ නිකුත් කරමින් ආණ්ඩුව නැවත වතාවක් ගොවි ජනතාව රවටා ඇති බවත් ඒ මහතා පැවසීය.

විසිහතර පැයේම ආණ්ඩුව ගොවියාව රවට්ටන බවත් අතේ පුපුරන දියර පොහොර කෑන් ගොවි ජනතාවට ලබාදී ඇති බවත් , මෙවැනි බරපතළ විනාසයක් ගොවිතැනට සහ ගොවි ජනතාවට කරන්නේ ඇයි දැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, අසූචි පොහොර නැවට වන්දි ගෙවන්නට ඇති උනන්දුව වත් මේ මොහොතේ අසරණ කොට දමා ඇති ගොවි ජනතාවට වන්දි ලෙස ගෙවන්නට උවමනාවක්වත් ඒ ආණ්ඩුව නැතැයිද ඒ මහතා පැවසීය.

උත්සව සමය එළඹෙන මොහොතේ ජනතාව සහමුලින්ම අන්ත අසරණ වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුවේ සියලුම සහන පැකේජ හිමිවන්නේ මැතිඇමතිවරුන්ට සහ ගජ මිතුරන්ට පමණක් පමණක් බවද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව ප්‍රකාශ කළේ අද (19) තිස්සමහාරාම, කාසින්ගම ප්‍රදේශයේ පැවති ගොවි ගැටලු විමසන හමුවට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?