රටේම අවධානය ගනිමින් අතුරුදන් වූ 14 හැවිරිදි සිසුවා හමු වූ තැන මෙන්න

දින හතක් පුරා නිවසින් අතුරුදන්ව සිටි රත්නපුර, බටුහේන ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවා මීට ටික වේලාවකට පෙරදී කුරුණෑගල රිදීගම පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.‍ පසුගියදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්. 
ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයෙකු බවද සඳහන්. අදාල සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගොස් ඇති බවටයි පසුගියදා පොලිස් විමර්ශන වලදී අනාවරණය වුණේ. නිවසින් පිටව ගිය අදාල සිසුවා ශ්‍රී පාදයට ගොස් එහි මුරකරුවෙකු සමග සිදුකල සංවාදයකදී පැවසූ බව කියන කරුණු පදනම් කර ගනිමින් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකළා. අදාළ සිසුවා පසුගිය දිනක නල්ලතන්නි ප්‍රදේශයෙන් ශ්‍රී පාදය දෙසට ගමන් කර ඇති අතර එය දුටු ශ්‍රී පාදයේ මුරකරුවකු සිසුවාගෙන් තොරතුරු විමසා තිබෙනවා.  එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් මහරගම ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බවටයි. ඔහු නිවසින් බැහැරව යනවිට රුපියල් 20,000කට මුදලක් රැගෙන ගොස් තිබු බවටයි, ඔහුගේ දෙමාපියන් කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරට විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?