Empty Ad
AFC Banner
Empty Ad

රටම මේ දවස් වල කථා වෙන වීඩියෝ ගේම්, තරුවක් පොලිස් අත්අඩංගුවට

දෙමාපියන්ගේ රන් ආභරණ විකුණා වීඩියෝ ක්‍රීඩාවේ යෙදුණු පාසල් සිසුවෙකු අත්අඩංගුවට

අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිය නිවසෙහි තිබූ ලක්ෂ ගණනක රන් බඩු සහ දේපළ විකුණා දමමින් එම ක්‍රීඩාවල නිරත වූ 18 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිසිය ඊයේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිවැසියන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව යි.

අත් අඩංගුවට ගත් සිසුවා මාරවිල – කටුනේරිය ප්‍රදේශයේ පදිචිකරුවෙක් වන අතර, ඔහු මේ වනවිට උසස් පෙළ හදාරමින් සිටිනවා.

පසු ව මෙම සිසුවා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

මව සහ පියා විදේශ රැකියාවල නිරත වන මෙම දරුවා හැඳී වැඩී ඇත්තේ සිය මිත්තණිය භාරයේ යි.

එක්වර ම නිවසේ තිබූ යතුරුපැදියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය ඒ පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහි දී අනාවරණ වී ඇත්තේ සිසුවා විසින් යතුරුපැදිය අඩු මුදලකට අලෙවි කර ඇති බවට යි.

ඊට අමතර ව පොලිසිය දිගින් දිගට ම සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ සිසුවා විසින් තම මවගේ සහ මිත්තනියගේ රුපියල් ලක්ෂ පහකට වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ ද සොරාගෙන එමඟින් ලද මුදලින් අන්තර්ජාලයේ වීඩියෝ ක්‍රීඩාවල නිරත වී ඇති බවට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
00:00
Video thumbnail
බදුල්ලේ ඉන්න එකම බඩා මම තමයි - බඩා කිව්වට චාමරට නහුතෙට තදවෙයි
04:33
Video thumbnail
කුක්කු බොන අයට ලෝක ලෙඩක් වැටෙයි - ග්රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 50කින් ඉහළට
01:29
Video thumbnail
මගේ දුව සර් මේ හොඳටම උණ හැදිලා - රෝහල් ඇතුළේ හඬා වැටුණු අසරණ ජනතාව
10:33
Video thumbnail
පහක් රෝහලට යවපු මින්නේරියේ බිහිසුණු අනතුර - අනතුර සිදු වූ අවස්ථාවේ සජීවී දර්ශන
03:35
Video thumbnail
වයිරල් වූ වීඩියෝව නිසා ආදීවාසී නායක නඩු මගට
01:00
Video thumbnail
සුපිරි තරුවගේ වාහනේ ගිනිබත් කරයි - සජීවී දර්ශන මෙන්න
00:58
Video thumbnail
වයිරල් වූ වීඩියෝව ආදීවාසීන් කළඹයි - පොජ්ජ කියන්නේ මොකක්ද කියලා ඌට තේරෙන්නේ නෑ
05:30
Video thumbnail
පොර කකා නාම යෝජනා ගන්න ආපු මිනිස්සු මහින්දට ආපහු රට භාරදෙන්න සුදානම්
10:15
Video thumbnail
සුපිරි තරුවගේ වාහනේ ගිනිබත් කරයි - සජීවී දර්ශන මෙන්න
06:47

?