රටම මේ දවස් වල කථා වෙන වීඩියෝ ගේම්, තරුවක් පොලිස් අත්අඩංගුවට

දෙමාපියන්ගේ රන් ආභරණ විකුණා වීඩියෝ ක්‍රීඩාවේ යෙදුණු පාසල් සිසුවෙකු අත්අඩංගුවට

අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිය නිවසෙහි තිබූ ලක්ෂ ගණනක රන් බඩු සහ දේපළ විකුණා දමමින් එම ක්‍රීඩාවල නිරත වූ 18 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිසිය ඊයේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිවැසියන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව යි.

අත් අඩංගුවට ගත් සිසුවා මාරවිල – කටුනේරිය ප්‍රදේශයේ පදිචිකරුවෙක් වන අතර, ඔහු මේ වනවිට උසස් පෙළ හදාරමින් සිටිනවා.

පසු ව මෙම සිසුවා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

මව සහ පියා විදේශ රැකියාවල නිරත වන මෙම දරුවා හැඳී වැඩී ඇත්තේ සිය මිත්තණිය භාරයේ යි.

එක්වර ම නිවසේ තිබූ යතුරුපැදියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය ඒ පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහි දී අනාවරණ වී ඇත්තේ සිසුවා විසින් යතුරුපැදිය අඩු මුදලකට අලෙවි කර ඇති බවට යි.

ඊට අමතර ව පොලිසිය දිගින් දිගට ම සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ සිසුවා විසින් තම මවගේ සහ මිත්තනියගේ රුපියල් ලක්ෂ පහකට වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ ද සොරාගෙන එමඟින් ලද මුදලින් අන්තර්ජාලයේ වීඩියෝ ක්‍රීඩාවල නිරත වී ඇති බවට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46