රටපුරා පාසල් අද ඇරැඹේ

බස්නාහිර පළාතද ඇතුළුව සියලුම පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අද (15 වැනිදා) ආරම්භ කෙරේ.

බස්නාහිර පළාතේ පාසල්වල අද (15 වැනිදා) ආරම්භ කෙරෙන්නේ පහ, එකොළහ සහ දහතුන යන ශ්‍රේණි පමණි. පළමු ශ්‍රේණියද ඇතුළුව සෙසු සියලුම ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එළැඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ හා ශිෂ්‍යත්ව යන විභාග කල් දැමීම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ ට ඊයේ (14 වැනිදා) පැවැසීය.

කෙසේ වුවද එම සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කර තිබේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවත් විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පමණක් විභාග කල්දැමීම පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුවන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ද ප්‍රකාශ කළේ විෂය නිර්දේශ ආවරණ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටින බවය.

නිලන්ත මදුරාවල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09