රටපුරා පාසල් අද ඇරැඹේ

බස්නාහිර පළාතද ඇතුළුව සියලුම පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අද (15 වැනිදා) ආරම්භ කෙරේ.

බස්නාහිර පළාතේ පාසල්වල අද (15 වැනිදා) ආරම්භ කෙරෙන්නේ පහ, එකොළහ සහ දහතුන යන ශ්‍රේණි පමණි. පළමු ශ්‍රේණියද ඇතුළුව සෙසු සියලුම ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එළැඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ හා ශිෂ්‍යත්ව යන විභාග කල් දැමීම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ ට ඊයේ (14 වැනිදා) පැවැසීය.

කෙසේ වුවද එම සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කර තිබේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවත් විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පමණක් විභාග කල්දැමීම පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුවන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ද ප්‍රකාශ කළේ විෂය නිර්දේශ ආවරණ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටින බවය.

නිලන්ත මදුරාවල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20
Video thumbnail
දැඩි STF ආරක්ෂාවක් මැද හෙරෝයින් තොගයක් විනාශ කිරීමට රැගෙන යන හැටි
01:43
Video thumbnail
බලන්නකෝ ළමයිනුත් හුරතල් කර කර යන නාමල්..නාමල්ව වටකරගෙන මිනිස්සු Selfie ග#න හැටි
02:59
Video thumbnail
බාල වයස්කාර දරුවන්ට දුම් කුඩු බෙදූ ජාවාරමක් පොලිසියෙන් වටලයි..
01:22
Video thumbnail
JVP එක වගේ පොලිසිය දැක්කම අපි දුවන්නේ නෑ..Pitch එකට අනුව තමයි Team එක Select කරන්නේ
04:50
Video thumbnail
"මේ කුණු මාළු මෙහෙ තියෙන්නේ.."SLS සහතිකය නොමැතිව කරගෙන ගිය ටින්මාළු නිෂ්පාදනය කරන තැනක් වටලපු හැටි..
13:44


?