රටක් ලෙස මුහුණ දෙන අභියෝග මැදින් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකියි – විපක්ෂ නායක

ජීවිතයේ අභියෝග හමුවේ පසුබට නොවී අලුත් ආරම්භයක් සඳහා ආත්ම විශ්වාසයෙන් යුතුව නැගී සිටිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරනවා.

අයුක්තියට එරෙහිව සත්‍යය ජයගන්නා බවත්, අවිශ්වාසයට වඩා එකමුතුකම බලවත් බවත්, අඳුරට වඩා ආලෝකය ශක්තිමත් බවත් මෙම උතුම් දිනය අපට පසක් කර දෙන බවයි එම සුබපැතුම් පණිවුඩයෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

එමෙන්ම අඳුර පළවා හැර ආලෝකය උදාවන්නා සේ, අප ද රටක් ලෙස මුහුණ දෙන අභියෝග මැදින් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව විශ්වාස කළ යුතු බව ඔහු එමඟින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විපක්ෂ නායකවරයාගේ සුබ පැතුම් පණිවුඩය..

මහ ශිව රාත්‍රී දිනය නිමිති කර ගෙන ශ්‍රී ලංකාවේ හා ලෝකය පුරා වෙසෙන සියලු ම සහෝදර හින්දු බැතිමතුන්ට සුබ පැතුම් පණිවිඩයක් එක් කිරීමට ලැබීම සතුටට කරුණකි.

මහ ශිව රාත්‍රීය යනු අඳුර මැදින් ආලෝකය සොයා යන ආධ්‍යාත්මික ගමනකි. එය පූජාව, භක්තිය සහ සමාධිය තුළින් මනස පිරිසිදු කර ගනිමින් අයුක්තිය, අවිවේකය සහ අහංකාරය මැඩපැවැත්වීමට අපට මඟ පෙන්වන උතුම් රැයක් ලෙස හැඳින්විය හැකිය.

ශිව දෙවියන් නිරූපණය කරන්නේ විනාශය තුළින් නව්‍යතාව උදා කිරීමයි. එබැවින් මහ ශිව රාත්‍රී දිනය අපට මතක් කර දෙන්නේ ජීවිතයේ අභියෝග හමුවේ පසුබට නොවී අලුත් ආරම්භයක් සඳහා ආත්ම විශ්වාසයෙන් යුතුව නැගී සිටිය යුතු බවයි.

මහ ශිව රාත්‍රී දිනය සත්‍යය, සාධාරණත්වය සහ කරුණාව යන අගයන් අපගේ ජීවිතයේ මූලික පදනම බව මතක් කර දේ. අයුක්තියට එරෙහිව සත්‍යය ජයගන්නා බවත්, අවිශ්වාසයට වඩා එකමුතුකම බලවත් බවත්, අඳුරට වඩා ආලෝකය ශක්තිමත් බවත් මෙම උතුම් දිනය අපට පසක් කර දෙයි.

අප රට අද මුහුණ දෙන ආර්ථික, සමාජීය අභියෝග මධ්‍යයේ මහ ශිව රාත්‍රී දිනය අපට අලුත් බලාපොරොත්තු රැසක් ගෙන එනු ලබයි.
ඒ සඳහා කැපවිය යුතුය. අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය, සහ සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පත බව මතක තබා ගනිමු. එබැවින් අපගේ හදවත්වල දැල්වෙන ආලෝකය රට පුරා විහිදී, සාමය, සමගිය සහ සෞභාග්‍යය පිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මඟ පෑදේවා කියා මේ ශිව රාත්‍රී දිනය සමරන අද දින අප සැවොම ප්‍රාර්ථනා කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35