රජ පවුලේ අර්බුදය පාර්ලිමේන්තුවටත් – හැරී, මේගන්ගේ පට්ටම් ගලවන්න පනත් කෙටුම්පතක්

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාර්කෙල් ඔවුන්ගේ එම පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට හැරී කුමරු සහ මේගන් කුමරිය සිදුකර ඇති ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් විවේචන එල්ලවීමට පටන්ගෙන ඇති අවස්ථාවක මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේ තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

රාජකීයයන් ජාතිවාදී බව ප්‍රකාශ කරමින් හැරී කුමරු සහ මේගන් යුවළ රාජකීයයන්ට චෝදනා එල්ල කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විවේචන රැසක් ඔවුන් දෙදෙනාට එරෙහිව එල්ලවෙමින් පවතිනවා.

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන ඔමිඩ් ස්කොබීගේ නවතම ග්‍රන්ථය වන ‘එන්ඩ් ගේම්’ වෙත අදහස් දක්වමින් හැරී සහ මේගන් මෙම චෝදනා එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් හැරී කුමරු සහ මේගන් මෙලෙස ඔවුන් දෙදෙනාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ආකාරය දැකගත හැකියි.

මේ අතර ආර්චි කුමරුගේ සමෙහි වර්ණය පිළිබඳ තෙවැනි චාල්ස් රජු සහ කේට් කුමරිය සැලකිල්ලක් දැක්වූ බවට හැරී කුමරු සහ මේගන් චෝදනා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි විලියම් කුමරුගේ ස්ථාවරය වී ඇත්තේ.

ඒ, සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ දී තෙවැනි චාල්ස් රජු හමුවීමට විලියම් කුමරු බලාපොරොත්තුවෙන් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53