AFC Banner
AFC Banner
Empty Ad

රජයේ සේවකයින්ට සිකුරාදා දිනත් නිවාඩු දෙන්න සැරසෙයි

රජයේ සේවකයන්ට සෑම සිකුරාදා දිනයකම නිවාඩු ලබාදීම පිළිබදව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

කොළඹ අද (05) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙලෙස නිවාඩු ලබාදීමේ තීරණයට එළඹීම පිළිබඳ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය සේවයේ නිකුත් කරන ලිපි ලේඛන සීමාකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.පි.එම්.කේ.මායාදුන්නේ සඳහන් කරනවා.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ සියලුදෙනා වගකීම් සහගතව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?