රජයේ සේවකයින්ට මේ වසරේ තවත් වැටුප් වැඩිවීමක් නැහැ

රජයේ සේවකයින් හට තවත් වැටුප් වැඩිවීමක් මේ වසරේ ලබානොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට සූදානම් වන බැවින් එලෙස වැටුප් වැඩිවීමක් සිදු නොකරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඌව පළාත් පොලිස් කමිටු සාමාජිකයින් බලගැන්වීමේ උත්සවයට ඊයේ (06) වැල්ලවාය ප්‍රදේශයේ දී එක්වෙමින්.

රාජ්‍ය මූල්‍ය වගකීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, නිසි සැලසුමකින් තොරව තවදුරටත් වැටුප් වැඩිකිරීමෙන් රජය අඩපණ විය හැකි බවට අනතුරු ඇඟවා සිටියා.

වැටුප් ගැලපීම් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි නිර්දේශ 2025 අයවැයට ඇතුළත් කරන බව ද සඳහන් කළා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වූ අවස්ථාවේ ලක්ෂ 05කින් රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස ඇතැමුන් පැවසුව ද තමා එලෙස නොකළ බවත්, වැට් බද්ද 18%කට ගෙන එමින් එම වැටුප් නිසි වේලාවට ලබාදීමට කටයුතු කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් ජනතාව මත බදු බර පැටවිය නොහැකි බව ද අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?