හෙට (04) උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙනවා.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරනවා ද නැද්ද යන්න සම්බන්ද්යෙන් හෙට (04) දිනයේ දී රැස්වන විධායක සභාවේ දී තීරණය කරන බවයි එම සංගමය සඳහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් මෙලෙස නැවතත් වැඩවර්ජනයේ නිරතවීමට නියමිතයි.
එම සිද්ධිය මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මාර්තු 31 වනදා පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයක් සිදුකරනු ලැබූ අතර, ඊයේ (02) දිනයේ දීත් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
+1
+1
+1
1
+1
1













