රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වැඩ වර්ජනයකට සැරසෙයි

ලබන 21 වනදා උදෑසන 8.00 සිට පැය 24ක දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති ගැටළුවකට යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට යොමුවීමට සිදුවන බවයි එම සංගමය පැවසුවේ.

වර්ජනය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ සේවා, සීටී ස්කෑන් පරීක්ෂණ, MRI ස්කෑන් පරීක්ෂණ, මැමෝග්‍රෑම් පරීක්ෂණ , ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ, විකිරණ භාවිතයෙන් සිදුවන ශල්‍යාගාර සැත්කම් සේවා සියල්ල අඩාල වනු ඇති බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.

මෙම සංකේත වැඩ වර්ජනය දිවයින පුරා රෝහල් 140 කට ආසන්න ප්‍රමාණයක ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන අතර, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා ප්‍රතිකාර ඒකක, රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල යන රෝහල්වල පමණක් වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි එම සංගමය සඳහන් කළේ.

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයෙහි රාජකාරී ආවරණය කරන පුද්ගලයාගේ නීති විරෝධී සහ විෂමාචාරී හැසිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් එම පුද්ගලයා එම රෝහලෙන් සහ තනතුරෙන් තාවකාලිකව ඉවත්කොට සිදුකළ යුතු වුවත්, තවමත් එම පුද්ගලයා තනතුරුවලම සිටිය දී පරීක්ෂණයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන තත්ත්වයක් උදාවී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයාගේ මැදිහත්වීම අපේක්‍ෂා කරන අතර, ගැටලුව විසඳීමට මැදිහත් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවනු ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මයවික්‍රම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08