රජයේ වාහනවලට ඉන්ධන ගහන්න ඩිජිටල් කාඩ්පතක්

රජයේ ආයතනවලට අයත් වාක්‍ය වලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදය හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

එමඟින්, ඉන්ධන අවශ්‍යතාව අනුව මාර්ගගත බැංකු ක්‍රම වේදය හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපුරණය කිරීමටත්, පුද්ගල මැදිහත්වීම අවම වීම තුළින් ඉහළ විනිවිදභාවයකින් හා කාර්යක්ෂමතාවකින් ඉන්ධන සපයා ගැනීමටත් අවකාශ ලැබෙනවා.

මේ වන විට ලංකා බැංකුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව වාහන සඳහා ඩිජිටල් කාඩ්පත් මඟින් ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් වශයෙන් ජනාධිපති කාර්යාලයේ සංචිත වාහන සඳහා ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් එකී ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

එහි සාර්ථකත්වය මත පදනම්ව අනෙකුන් රාජ්‍ය ආයතන සඳහා ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?